colombotimes.lk
සිංහල | English

30 June 2024

දූෂණය නවත්වන්න ගෙනාව System එකට මුලින්ම විරුද්ධ වුණේ අනුර කුමාර - දිලිත් ජයවීර



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දූෂණය නැවත්වීමට ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානමින්  සිටි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ විකාශය වූ Colombo Times Round Table වටමේස සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා පැවසුවේ මෙම ඩිජිටල් තාක්ෂණය හරහා සොරකම් කෙරූ මුදල් වියදම් කිරීමට වැට බැඳෙන බවයි.

කෙසේ වෙතත් එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යාමේදී හිටපු ජනාධිපති ගෝඨාභයගේ  පිටුපස සිටි බොහෝ පිරිසක් ඊට අකමැති වූ බව ඔහු හෙළි කළා.

එමෙන්ම මෙම ක්‍රමවේදයට විරෝධය පළකරමින් පළමු කසකරු ලෙස වේදිකාවට පැමිණියේ ජාතික ජන බල වේගයේ  නායක අනුර කුමාර දිසානායක බවයි ඔහු චෝදනා කරන්නේ.

Colombo Times Round Table සාකච්ඡාවට එක්  වෙමින් දිලිත් ජයවීර පැවසූ එම අදහස පහතින්.

https://youtu.be/1tDIrT_0ZyI?si=zgtBDxSEQKyLfZqe



(colombotimes.lk)