colombotimes.lk
සිංහල | English

30 June 2024

ගුරුවරුන්ට ජනපතිගෙන් රතු එළි



පාසල් ගුරුවරුන් සිසුන්ගේ අධ්‍යාපනය අහිමි කළහොත් ඉගැන්වීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවයි.

වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ අද (27) බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)