මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිඳු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙක්ට එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
එමෙන්ම ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදයේද කිසිඳු වෙනස් කිරීමක් සිදුකර නොමැති අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
