05 July 2025

logo

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අදින් අවසන්



ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (20) මධ්‍යහන 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදු නොකරන බවයි.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17වනදා ආරම්භ කළා.

එමෙන්ම නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) අවසන් වුණා.

(colombotimes.lk)