colombotimes.lk
සිංහල | English

20 May 2024

උතුරු මැද රෝහල් සේවකයින් වර්ජනයක



සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් අද (09) උතුරුමැද පළාතේ සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කළත් එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින්.

හෙද නිලධාරීන්, මහජන පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, විකිරණ තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් ඇතුලු වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ඊට ඇතුළත් වනවා.

ඒ අනුව උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුරුමැද පළාතේ සියළු රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.
(colombotimes.lk)