අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසට දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කිරීමට අද (11) නියෝග කර තිබෙනවා.
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසු රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කර නොමැති බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෛත්‍රිපාල සිරිසේන විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බව මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළා.
ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසට දන්වා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)