30 June 2025

logo

ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹෙයි



ජාතික මදුරු මර්ධන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
 
ඒ අනුව අද (30) සිට එළඹෙන ජූලි 05වනදා දක්වා මෙම විශේෂ මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මේ අතර ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය කලාප 16ක ප්‍රදේශ 95ක් ආවරණය වන පරිදී විශේෂ මදුරු මර්ධන ව්‍යාපාරයක් පසුගිය මැයි මාසයේ 19වනදා සිට 24දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා. 

(colombotimes.lk)