න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදු විය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5ක් මෙරට තුළ ස්ථාපිත කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරීක්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න සඳහන් කළේ නාවික හමුදා කඳවුරුවල එම පද්ධති ස්ථාපිත කර ඇති බවයි.
ඒ අනුව කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් එම පද්ධති ස්ථාපිත කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පද්ධති මඟින් ආසන්න රටවල න්‍යෂ්ටික බලාගාර අනතුරකදී ඉන් මෙරටට නිකුත්වන විකිරණ ප්‍රමාණය නිරීක්ෂණය කළ හැකි බවයි.
(colombotimes.lk)