දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය මැයි 24වනදා සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා
ඒ එම මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා පවතින මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය මැයි 24වනදා පෙරවරු 9.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)