03 June 2025


පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ගැන දැනුම්දීමක්



අපවත්වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය අද (30) පෙරවරුවේ හෙයියන්තුඩුව සිරි දේවමිත්ත යෝගාශ්‍රමය වෙත රැගෙනවිත් තිබෙනවා.

කලක සිට රෝගතුරුව සිටි උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) අපවත් වුණා

සද්ධර්ම කීර්ති, ශාසනා අභිමානී, ත්‍රිපිටකාචාර්ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුනි 1වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදීයි.

දොම්පෙ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය මූලික කරමින් පැවැත්වෙන මෙම ආදාහන උත්සවය එදින දහවල් 12.30ට ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)