පොල් ගස් කැපීමට පෙර ප්රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යෙන් අවසර ලබාගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ 2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී අවසරයක් ලබා ගත යුතු බවයි.
කෙසේ වෙතත් ජනතාවගේ නොදැනුවත් බව හේතුවෙන් අවසරයකින් තොරව ගස් කැපීමේ ප්රවණතාවක් පෙන්නුම් කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව නිසි අවසරයකින් තොරව පොල් ගස් කපන පුද්ගලයන් මාස 6ක සිර දඬුවමකට යටත් විය හැකි බවයි වාර්තා වන්නේ.
පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ගසක් සඳහා රුපියල් 50,000ක දඩයක් ගෙවිය යුතු බවයි.
(colombotimes.lk)