19 April 2025


මුද්‍රණය කළ අවසන් තැපැල් ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්



පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.

ඔහු සඳහන් කළේ හෙට (06) වන විට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කරන තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ලක්ෂ 7ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07වනදා නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයන්ට අප්‍රේල් 28 හා 29 යන දිනවල ද ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)