ජාතික පද්ධතියට සවි කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස කළ දැනුම්දීමට අනුව බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ජාතික විදුලි පද්ධතිය නිරීක්ෂණය කිරීමේදි එය පැහැදිලි වන බවයි.
කෙසේ වෙතත් තවත් පිරිසක් මේ දක්වාත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර නොමැති අතර ඒවාද හැකි ඉක්මනින් ක්‍රියා විරහිත කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් ද කර තිබෙනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඇතැම් පාරිභෝගිකයන් මෙම සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම කනගාටුවට කරුණක් බවයි.
උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බැවින් පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය බල ශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk)