ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ සන්නාම වෙනුවෙන් Digital අලෙවිකරණ සේවා සපයන ආයතනයක් වන O2 Digital පුද්ගලික සමාගම සිය අභිමානවත් දෙවන සංවත්සරය අද (01) සමරනු ලබනවා.
Colombo Times සහෝදර සමාගමක්වන O2 Digital ආරම්භ වුණේ 2024 මැයි මස 01වනදායි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය වෙනුවෙන් නව ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග හඳුන්වාදෙමින් ආරම්භ වූ O2 Digital අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම රැසකට සිය සේවා දායකත්වය සපයනු ලබනවා.
එමෙන්ම ගෝලීය සන්නාම කිහිපයකම ශ්‍රී ලංකාවේ තේරීම බවටද O2 Digital පත්ව තිබීම විශේෂත්වයක්.
සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරන O2 Digital වෙනුවෙන් Colombo Times පුවත් සංස්කාරක මඩුල්ලේ උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක්කරන්නෙමු.
(colombotimes.lk)
