02 June 2025


මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා



නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්‌ග කිහිපයකම ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්‌ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළියේ සිට හග්ගල දක්වාත්, නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්‌ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ.

එම මාගවල රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)