colombotimes.lk
සිංහල | English

17 September 2024


වයස්ගතම පැන්ඩා මවක් පළමුවරට නිවුන් පැන්ඩා පැටවුන්ට උපත දෙයි



චීනයේ හොංකොංහි Ying Ying නම් පැන්ඩා මව ඇයගේ 19 වන උපන්දිනය සැමරීමට ආසන්නව තිබියදී නිවුන් පැන්ඩා පැටවුන් බිහිකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මිනිස් වයසේදී වයස අවුරුදු 57ට සමාන බව හොංකොං සාගර උද්‍යානයේ ප්‍රකාශකයන් සඳහන් කර ඇති බවයි.
 
ඒ අනුව මෙසේ පළමු වරට නිවුන් පැන්ඩා පැටවුන් බිහි කළ ලොව වයස්ගතම පැන්ඩා මව වන්නේ Ying Ying බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හොංකොං සාගර උද්‍යානයේ සභාපති Paulo Pong නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Ying Ying පළමු වරට සාර්ථක ලෙස උපත ලැබූ වාර්තාගත වයස්ගතම යෝධ පැන්ඩා ලෙස සැලකෙන බවයි.

(colombotimes.lk)