ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතරින් එක් අයෙක් වූ ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යන විට 97වන වියේ පසුවුණා.
1968 සිදු කළ ඇපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙක් ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ ඇපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.
ඔහු දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසාද වන අතර ඔහු කිසිදිනෙක සඳ මතට ගොඩබැස නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලොවෙල් සිව්වරක් අභ්‍යවකාශයට ද ගොස් තිබෙනවා.
(colombotimes.lk)