කොළඹ වරායේ සේවකයෙක් බහලුමකට යටවීමෙන් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රයිම් මූවර් රථයක රියදුරෙක් එලෙස මියගොස් ඇති බවයි.
ඔහු පැදවූ ප්‍රයිම් මූවර් රථයට, බහලුමක් පැටවීමට යාමේදී එය තවත් බහලුමක ගැටී ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ ප්‍රයිම් මූවර් රථයේ රියදුරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම අනතුර සම්බන්ධයෙන් සැකපිට බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)