02 June 2025


පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය ඇරඹෙයි



උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවීම මත අද (27) සංකේත වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.
 
එහි වැඩබලන සභාපති දිසානායක කුමාර සදහන් කළේ මීට සමගාමීව අද උදෑසන 08.00 සිට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බවයි.

(colombotimes.lk)