කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (18) අඛණ්ඩව සිව්වන දිනයටත් පහළ ගොස් තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 210.51කින් පහළ ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 57.43කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,071.44ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,094.31ක් ලෙසත් සටහන් වුණා.
කොටස් වෙළෙඳපොළේ අද පහළ යාමත් සමඟම පසුගිය දින 04 තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 590ක පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙම දින 04 තුළ රු. බිලියන 6,327.31 සිට රු. බිලියන 6,125.89ක් දක්වා රු. බිලියන 202කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.