16 July 2025

logo

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි



මැයි මස පළමු සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 8වනදා සහ 9වනදා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණය මැයි 6වනදා පැවැත්වීමට දින නියමවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දිනයන් දෙකට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)