23 September 2025

logo

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි



කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබෙනවා. 

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (23) සිට ලබන 26වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම හෙට දිනයේදී දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සඳහා වන විවාදය 25වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ලබන සිකුරාදා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සිව්වන වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි. 


(colombotimes.lk)