09 January 2026

logo

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම්ගෙන් සුපිරි වාර්තාවක්



ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - බංගලාදේශ තරගය මේ වන විට පැවැත්වෙනවා.  

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩාටම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කළා.

මේ වන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.

ඒ සමඟ ඔහු T20 පිටියේ ලකුණු 2000 කඩයිම පසු කළා.

පැතුම් වාර්තා වුණේ මෙම කඩයිම පසු කළ තුන්වන ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි.

එමෙන්ම ලකුණු 2000 සීමාව වේගයෙන්ම පසුකළ  ශ්‍රී ලංකා පිතිකරු ලෙසද ඔහු වාර්තා වනවා.

(colombotimes.lk)