12 December 2024


මහජන බැංකු කල්පිටිය ශාඛාව නව පරිශ්‍රයකට



මහජන බැංකුවේ කල්පිටිය ශාඛාව පසුගියදා නව ස්ථානයක ස්ථාපිත කර තිබෙනවා.

මෙම ශාඛාව නව ස්ථානයක ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ ගනුදෙනුකාරභවතුන්ට නවීනතම ඩිජිටල් බැංකුකරණ තාක්‍ෂණයෙන් යුත් සම්පූර්ණ සේවා පරාසයක් සමඟ අමතර පහසුවක් ලබාදීමයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණය) නලින් පතිරණගේ, පුත්තලම ප්‍රාදේශීය කළමනාකරු රජිව් කරුණානායක, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී මහේෂා සිරිමාන්න, ශාඛා කළමනාකාර I.L.D.B දයාරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන්, රාජ්‍ය නිලධාරින් සහ පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.







(colombotimes.lk)