පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ කපා ඔපදමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට හමුවී තිබෙනවා.
කෙසේවෙතත් මෙහි වටිනාකම මෙතෙක් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර එය බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමුවී තිබෙනවා.
එසේම මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි හිමිකරු කියා සිටියේ මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවයි.
එසේම මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක්.
(colombotimes.lk)