මහජන බැංකුව මෑතකදී මොරොන්තුඩුව ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සඳහා තම සේවා පිරිනැමීම් තවදුරටත් ශක්තිමත් කරමින් එහි මොරොන්තුඩුව සේවා මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපිත කර තිබෙනවා.
එම උත්සව අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණ) ඊ. පී. ඒ. සිසිර කුමාර, ප්‍රධාන කළමනාකරු (නාලිකා කළමනාකරණ) සමන් රත්නායක, කළුතර ප්‍රාදේශීය කළමනාකාර මොනිකා සුපියප්පෙරුම සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන් වන ආර්. කාරියවසම්, එස්. ශ්‍රී විමුක්ති සහ කේ. පී. විතාන, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන් වන වාද්දුව ශාඛා කළමනාකාර තරංග සිරිවර්ධන සහ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි අවන්ති කහඳවආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)