02 June 2025


මහජන බැංකුව ටී. බි. ඉලංගරත්න ගුණ සමරයි



මහජන බැංකුව ඇතුළු පොදු ජන හිතැති ආයතන රැසක් බිහි කිරීමට මූලිකත්වය ගත් දිවංගත ටී. බී. ඉලංගරත්න මහතාගේ යුග මෙහෙවර සිහිපත් කිරීමේ අරමුණින් විශේෂ ගුණ සමරුමක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ කොළඹ මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
 
දිවංගත ටී. බි. ඉලංගරත්න මහතාගේ 33වන ගුණානුස්මරණය යෙදුණු මැයි මස 21වනදා මෙම ගුණ සමරුව පවත්වා තිබෙනවා.

මෙහිදි ටී. බී. ඉලංගරත්න ප්‍රතිමාව වෙත පුෂ්පෝහාර පිරිදීමෙන් අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් විශේෂ සමරු දේශනය පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවට ආයතන රැසක සභාපතිවරුන්, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන මහතා, ආයතනික සහ විධායක කළමනාකාරිත්වය හා ඉලංගරත්න පවුලේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.




(colombotimes.lk)