පිරමීඩ ජාවාරමක නිරතවී රුපියල් මිලියන 1,800ක මුදල් වංචා සිදුකර රටින් පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මැලේසියාවේ සිට අද (08) පෙරවරුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු පිරමීඩ ජාවාරමක් හරහා පුද්ගලයන්ගේ මුදල් වංචා කර මීට වසරකට පෙර රටින් පළාගොස් සිටි අයෙක් බවයි.
මෙම පුද්ගලයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ඔහුගේ බිරිඳවද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
(colombotimes.lk)