ත්‍රිපිටකය හා බුද්ධ චරිතය විකෘති කරමින් ධර්ම දේශනා පැවැත්වීමෙන් වළකින ලෙස පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහානායක හා කාරක මහා සංඝ සභාව විසින් තරයේ අවවාද කර තිබෙනවා.
ඒ අනුව පුජ්‍ය සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාව හමුවට කැඳවා විකෘති කරන දේශනා නතර කරන ලෙසට තරයේ අවවාද කළ බවයි මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල හිමියන් කියා සිටියේ පූජ්‍ය සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහානායක හා කාරක මහා සංඝ සභාවෙන් බෞද්ධයන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවත් මහාවිහාර සම්ප්‍රදායන්ට පිටින් කිසිඳු ධර්ම දේශනාවක් හෝ ධර්ම විශ්ලේෂණයක් සිදු නොකරන බවට සහතික වූ බවයි.
පූජ්‍ය සිරිධම්ම හිමියන් ද මේ සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ලබා දුන් බව විහාරාධිපති හිමියන් පැවසුවා.
(colombotimes.lk)