පසුගිය දින කිහිපයේදී දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170කට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන්ට රුපියල් මිලියන 6.5කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මඟින් නියම කර ඇති බවයි.
දිවයින පුරා අතිරේක කණ්ඩායම්ද යොදවා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිදු කරන වැටලීම් තවදුරටත් ක්රියාත්මක බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)