30 January 2025


පාඩු ලබන ආයතනවලට කරන දේ ජනපති හෙළිකරයි



අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
 
ඒ අද (28) පස්වරුවේ කොළඹ පැවති 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025' අමතමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවයි.

(colombotimes.lk)