පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ ඊට අදාළ නඩු තීන්දුව මේ වන විටත් ලැබී ඇති බවයි.
ඒ අනුව එම තීන්දුව ඉදිරියේදී කථානායකවරයා විසින් දැනුම්දීමට නියමිතව තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පලාන මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
(colombotimes.lk)