දිවයිනේ පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 02ක් විවෘත කර තිබෙනවා.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේ ජලාශයේ වාන් දොරටු 02ක් මීටරය බැගින් විවෘත කළ බවයි.
එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවද ශ්රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)