පවතින වර්ෂාව සමඟ පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අද (28) අඟල් 18 බැගින් විවෘත කර තිබෙනවා.
පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය පාලනය සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කළ බවයි.
මේ හේතුවෙන් තප්පරයට ඝණ අඩි 4,500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)