colombotimes.lk
සිංහල | English

17 May 2024

පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක්



පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ, විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම හේතුවෙන්.

ඒ අනුව පසුගිය දිනවල මත්පෙති 363,438ක් පොලිස් භාරයට ගත් බවයි තල්දූව මහතා පැවසුවේ.

එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව සඳහන්.

මීට අමතරව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින සැකකරුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම මෙහෙයුම් හරහා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි තල්දූව මහතා පැවසුවේ.
(colombotims.lk)