02 June 2025


පොලිස් නිලධාරියෙක්ගේ වැඩ තහනම්



ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ පසුගිය 24වනදා ඔහු පුද්ගලයෙක් සමඟ බහින්බස්වීමක් අතරතුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන්.

අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම සිදුවීම ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමකින් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
 
(colombotimes.lk)