17 July 2025

logo

චබාද් මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව



මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයන්ට තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් වන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ පොලිස් ස්ථාන මඟින් මේ වන විට පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.  

 
(colombotimes.lk)