19 May 2025


පොලීසිය හිටපු පොලිස්පති සොයයි



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන්ට විදේශගතවීම වළක්වාලමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද මේ වන විට පනවා ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)