14 June 2025


ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් කළ ඉල්ලීම



පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බවයි.

දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත් සාකච්ඡාවල නිරතවන ලෙසත් නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 
 

(colombotimes.lk)