06 July 2025

logo

ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම්දෙනතුරු වැසෙයි



ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස තානාපති කාර්යාලය දැනුම්දී ඇති බවයි. 

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)