30 July 2025

logo

ඉරානයෙන් ඊශ්‍රායලයටත් ප්‍රතිප්‍රහාර



ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබෙනවා. 

ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.

මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසනවා. 

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කළේ රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බවයි. 

(colombotimes.lk)