02 June 2025


පෝලන්ත විදේශ ඇමති ශ්‍රී ලංකාවට



යුරෝපා සංගම් සභාපතිත්වය නියෝජනය කරමින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව  පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ලබන 28වනදා සිට 31වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඔහු සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)