21 January 2025


පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි



නැවත දැනුම්දෙන තුරු වසා තැබුණු පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා පමණක් අද (21) උදෑසන යළි විවෘත කර තිබෙනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම මාර්ගයේ මනම්පිටිය - ගල්ලෑල්ල අතර කොටසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි.

එබැවින් සැහැල්ලු රථවාහන ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.   

(colombotimes.lk)