ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදී තිබෙනවා.
2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී. ඒ. සෙනවිරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඒ අනුව එම සංගණනයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
2012 ජන හා නිවාස සංගණනයේ වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනයේ 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩිම ජන සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එය සමස්ථ ජන ජනගහනයෙන් 28.1%ක්.