19 April 2025


තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද තැපෑලට



පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද (07) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. එල්. ඒ රත්නායක සඳහන් කළේ අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

(colombotimes.lk)