මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය මැයි මාසයේ පැවති මිල ගණන්වලටම මෙම මාසයේ ඉන්ධන අලෙවි වන බවයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 274කට සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325කට අලෙවි වනවා.
එමෙන්ම ලංකා පෙට්‍රල් 95 ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 341ක මිලකටයි.
මේ අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක් රුපියල් 293කට සහ ලංකා ලංකා භූමිතෙල් ලීටරයක් මිල රුපියල් 178කට අලෙවි වනවා.
(colombotimes.lk)