16 April 2025


පළාත් පාලන ආයතන 91ක තැපැල් ඡන්ද පත්‍රිකා යළි මුද්‍රණයට



පළාත් පාලන ආයතන  91ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන්.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ එම ආයතන අතරට කොළඹ මහ නගර සභාවද අයත් බවයි.

2025 පළාත් පාලන ආයත ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට දින නියම වී තිබෙනවා.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයන්ට අප්‍රේල් 28 සහ 29 දිනවලද ඡන්දය සලකුණු කළ හැකියි.

(colombotimes.lk)