02 July 2025

logo

පේරු රාජ්‍යයේ හිටපු ජනධිපතිට වසර 15ක සිර දඬුවම්



පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2006 සහ 2011 වසරවලදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (15) එරට අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
 
(colombotimes.lk)