 
                        දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද හිස තෙල් ගෑම චාරිත්‍රය අද (16) සිදු කර තිබෙනවා. 
එහිදී නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ කළ බවයි වාර්තා වන්නේ. 
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද එහිදී සිදු කර තිබෙනවා. 
 
(colombotimes.lk)
 
 

