31 March 2025


තැපැල් ඡන්ද විමසීමේ දිනයන් ප්‍රකාශයට පත් කරයි



2024 මහ මැතිවරණ​යේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධ දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 වනදා සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්ද භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි.

එම දිනවල තැපැල් ඡන්ද භාවිතා කළ නොහැකි වන පිරිස් සඳහා නොවැම්බර් 07 සහ 08 යන දිනවල තැපැල් ඡන්ද භාවිතා කිරීමට හැකියාව පවතිනවා.  

(colombotimes.lk)